රටක නීති සම්පාදන ක්‍රියාවලියට දායක වීමට අමතරව, රටෙහි එදිනෙදා උද්ගතවන අර්බුද සඳහා පිළියම් සෙවීම ත්, ආණ්ඩුවේ කටයුතු අධීක්ෂණය කිරීම ත්, පාර්ලිමේන්තුවේ කාර්යය භාරයන් අතර වේ. පාර්ලිමේන්තු කමිටු ක්‍රියාවලිය හඳුන්වා දී ඇත්තේ, කමිටු වලින් කරනු ලබන කාර්යාවලිය පාර්ලිමේන්තුවේ ප්‍රධාන සභා ගර්භය තුළ දී සෑම මන්ත්‍රීවරයෙකුගේම සහභාගීත්වයෙන් සිදු කිරීමට ඇති ප්‍රායෝගික අපහසුතාවයට පිළියමක් වශයෙනි.
ඒ අනුව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් සමන්විත කුඩා කමිටු පත් කොට, නිශ්චිත කාර්යයන් ඒවාට පවරන අතර, එම කමිටු මඟින් ඒ ඒ විෂය පථයට අදාළව අධීක්ෂණ කටයුතු සිදු කොට, නිර්දේශ අඩංගු වාර්තා නිකුත් කරන අතර ආණ්ඩුවේ මෙන්ම පාර්ලිමේන්තුවේ ඉදිරි වැඩ කටයුතුවලදී එම කමිටු නිර්දේශ අනුගමනය කරනු ලැබේ.
දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටවල දැකිය හැකි ලක්ෂණයක් වන්නේ කමිටු වාර්තා ද මහජනතාවට විවෘත කර ප්‍රසිද්ධියේ ඵල කරන නමුත්, දැනට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කමිටු වාර්තා ප්‍රසිද්ධ නොකරයි.
ශ්‍රී ලාංකීය පාර්ලිමේන්තුවේ කමිටු ක්‍රියාවලිය
කාරක සභා අවසථාවේදී සමස්ත පාර්ලිමේන්තුවම කමිටුවක් ලෙස ක්‍රියාත්මක වීමට අමතරව, විවිධ කමිටු ස්ථාපනය කිරීමේ අවකාශය ස්ථාවර නියෝග මගින් පාර්ලිමේන්තුවට ලබා දී තිබේ. ඒ අනුව අද වන විට,
· කතානායකතුමා විසින් ස්ථාවර නියෝග ප්‍රකාරව පත් කරන පාර්ලිමේන්තු ස්ථාවර කමිටු 01ක්,
· පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පරිබාහිර වැදගත් කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීමට පත් කෙරෙන විශේෂ අවශ්‍යතා කමිටු 09 ක්,
· එ් ඒ විෂය පතය අනුව අමාත්‍යංශ අධීක්ෂණයට ලක් කෙරෙන ආංශික අදීක්ෂණ කමිටු 16ක්,
ක්‍රියාත්මක වේ.
ආංශික අධීක්ෂණ කමිටු පත් කිරීම නව පාර්ලිමේන්තුව පත් වීමත් සමග ආරම්භ වූ අතර, ඒ අනුව මෙතෙක් එක් එක් අමාත්‍යංශයෙහි කාර්යයන් සඳහා උපදෙස් දීම පිණිස අදාළ අමාත්‍යවරයාගේ සභාපතීත්වයෙන් යුක්තව ක්‍රියාත්මක වූ පාර්ලිමේන්තු උපදේශක කාරක සභා අවලංගු කරනු ලැබීය.
මහජනතාවගෙන් දුරස්ථ වූ ක්‍රියාවලියක්
ජනතාවට තමන්ගේ නියෝජිතයා/මන්ත්‍රීවරයා කොපමණ කමිටු රැස්වීම් ගනණක් සඳහා සහභාගී වී තිබේ ද, ඔවුන් එහි දී දක්වන දායකත්වය කෙබඳු ද යන්න සොයා බැලීමට ක්‍රමවේදයක් නිර්මාණය කර නොතිබීම ද කමිටුවල ඵලදායීතාවය මැන බැලීමට බාදා පමුණුවන්නකි. එය මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකාරීත්වයටද වක්‍රව බලපෑම් සිදු කරයි.
ඒ අනුව, පාර්ලිමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉටු කිරීම උදෙසා කමිටු ක්‍රමය ප්‍රයෝජනවත් වන නමුත්, ඒවා හී තොරතුරු විධිමත්ව වාර්තා නොවීම හේතුකොටගෙන කමිටුවල කටයුතු සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය උදාසීන වීමත්, එමෙන් ම ජනතාව ව්‍යවස්ථාදායක ක්‍රියාවලියෙන් දුරස්ථ වීමත් සිදු විය හැකි ය.