over 8 years ago by Manthri.lk - Research Team under in ஆய்வறிக்கை

ආණ්ඩුවක් හෝ අමාත්‍යවරයෙකු තම වගකීම්වලට පටහැනිව ක්‍රියා කරන විටක, එය නතර කිරීමට අනුගමනය කළ හැකි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් ලෙස විශ්වාසභංග යෝජනා ගෙන ඒම පෙන්වා දිය හැකිය. මෙහිදී සිදු කෙරෙන්නේ ආණ්ඩුවට හෝ අමාත්‍යවරයෙකුට එරෙහි චෝදනා පත්‍රයක් පාර්ලිමේන්තුවේ බහුතර න්දයෙන් සම්මත කිරීමට කටයුතු යෙදීමයි. යෝජනාව ජයග්‍රහණය කළහොත් අමාත්‍යවරයා හෝ සමස්ථ කැබිනට් මණ්ඩලයම තනතුරුවලින් ඉල්ලා අස්වීම වෙස්ට්මිනස්ටර් පාර්ලිමේන්තු සම්ප්‍රදායයි. ගෙවුනු දක එක හමාර තුළ ලංකා පාර්ලිමේන්තුවේ විස්වාසභංග යෝජනා ඉතිහාසය විමසා බලන මෙම කෙටි ලිපිය පෙන්වා දෙන්නේ ගෙවුණු වසර එක හමාරක කාලය ඇතුළත, එනම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ධූර කාලය ආරම්භ වීමත් සමග, එහි භාවිතය ඉන් පෙර සමයට වඩා දස ගුණයකින් වැඩිවී ඇති බවයි.

 

 ලාංකීය නෛති පසුබිම

මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව සහ පාර්ලිමේන්තුවේ කාර්යය  පටිපාටිය දක්වාලන රීති මාලාව වන ස්ථාවර නියෝග ඇසුරෙන් මූලිකව හඳුනා ගත හැකියආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 වගන්තිය ප්‍රකාරව අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්වන අතර ඔවුන් පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට බැඳී සිටී. අමාත්‍ය මණ්ඩලය වගකීම් පැහැර හරින්නේ නම්, 49 වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ බහුතරයෙන් සම්මත කෙරෙන විස්වාසභංග යෝජනාවකින් පවතින රජය පරාජය කළ හැකඑවිට කැබිනට් මණ්ඩලය කළ යුත්තේ තනතුරු වලින් ඉල්ලා අස්වීමයි.         

   මෙහි කාර්යය පටිපාටිය වෙස්ට්මිනස්ටර් සම්ප්‍රදායන් සහ මෙරට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මඟින් පාලනය වේ. ස්ථාවර නියෝග 23 සහ 24 ප්‍රකාරව අදාළ යෝජනාව මන්ත්‍රීන්ගේ අත්සනින් කතානායකවරයා වෙත යොමු කරන  විට එය රීති විරෝධී නොවන්නේ නම් පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුලත් කෙරේ. අනතුරුව ඔහු විසින් පක් නායක රැස්වීමේදී දින නියම කිරීමකින් පසුව සිදුවන්නේ යෝජනාව විවා කොට ඡන්දය විමසීමයි.

 

මහින්ද රාජපක්ෂ පාලන සමය

2005 වසරේදී ජනාධිපති ධූරය හිමිකරගත් මහින්ද රාජපක්ෂ පරාජයට පත් කරමින් 2015 ජනවාරි 08 වැනිදා මෛත්‍රිපාල සිරිසේන බලයට පැමිණීම දක්වා වසර 9ක කාලය තුළ ඉදිරිපත් වී ඇත්තේ විශ්වාභංග යෝජනා 3ක් පමණි.

§  ඉන් පළමුවැන්න, 2010 වර්ෂයේදී විදේශ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් ව ඇත.

§  දෙවැන්න, 2013 වර්ෂයේදී විදේශ රැකියා ප්‍ර‍වර්ධන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් ව ඇත.

§  අවසන් යෝජනාව 2014 වර්ෂයේදී ඉදිරිපත් ව ඇත්තේ කැබිනට් මණ්ඩලයට එරෙහිව ය.

 

මෛත්‍රිපාල සිරිසේන බලයට පැමිණි පසු

2015 ජනවාරි 08 වැනි දින වර්තමාන ජනපතිවරයා බලයට පත් වීමත් පසු ගෙවීගිය වසර එක හමාරක කාල සමය තුළ  විශ්වාසභංග යෝජනා 5ක් ඉදිරිපත් වී ඇත.

§  පළමුවැන්න, මහජන සාමය පිළිබද ඇමතිවරයාට එරෙහිව 2015 පෙබරවාරි මස දී ඉදිරිපත් විය.

§  දෙවැන්න, දින 100 ආණ්ඩුවේ අගමැතිවරයාට එරෙහිව 2015 ජූනි මස දී ඉදිරිපත් විය. රජය විසිරුවා හැරීම හේතුවෙන් එය විවාදයට පැමිණියේ නැත.  

§  තෙවැන්න, 2015 නොවැම්බර් මාසයේ දී ඉදිරිපත් වූයේ මුදල් අමාත්‍යවරයාට එරෙහිව ය.

§  සිවුවැන්න, යළි මුදල්ඇමතිවරයාට එරෙහිව 2016 ජූනි මස ඉදිරිපත් විය.

§  අවසන් යෝජනාව, 2016 ජූනි මසදීම පාර්ලිමේන්තු මහලේකම්වරයාට විරුද්ධව ඉදිරිපත් විය. පදනම් විරහිත වීම හේතු කොටගෙන කතානායකතුමන් වෙතින් එය ප්‍ර‍තික්ෂේප කෙරිණ.

 

විපක්ෂයේ ප්‍ර‍ධාන උපකරණයක්

මහින්ද රාජපක්ෂ පාලනය පැවති වසර නවයක කාල සීමාව තුළ ඉදිරිපත් ව ඇත්තේ විශ්වාසභංග යෝජනා 3කි. ඒ අනුව එහි සාමාන්‍යය වසර තුනකට එක් විශ්වාසභංග යෝජනාවකි. එසේ වුවත්, මෛත්‍රීපාල සිරිසේන බලයට පත් වී ගෙවුණු වසර එකහමාරක කාලය ඇතුළත විශ්වාසභංග යෝජනා පහක් ඉදිරිපත් වී ඇත. ඒ අනුව වසර තුනක් සදහා සාමාන්‍යය අගය දහයකි. ඉන් පැහැදිලි වන්නේ පෙර තත්වය හා සන්සන්දනාත්මකව බැලීමේදී නව ජනපතිවරයා පත්වීමත් සමග විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීම දසගුණයක වැඩිවීමක් පෙන්වන බවයි.  

 

මහින්ද රාජපක්ෂ පාලන සමය පැවති යුගයේ සිට මේ වන තෙක් කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීමකට හෝ විෂයය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්වීමකට මග පාදමින් එකදු යෝජනාවක් හෝ සාර්ථක ව නැති වුවත් විපක්ෂය එය තම ප්‍ර‍ධාන උපකරණයක් ලෙස මේ ජනාධිපති සමයේ ආණ්ඩුවට එරෙහිව භාවිතා කරන බව පෙනේ.