almost 9 years ago by Manthri.lk - Research Team under in විශ්ලේෂණ

යන්ත්‍රානුසාරයෙන් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීමේ ක්‍රමවේදය  හෙවත් ‘බොටම් ට්‍රෝලින් ක්‍රමය‘ විශාල පරිමාණයෙන් මසුන් මැරීම සඳහාම නිර්මාණය කර ඇත්තකි. එහිදී සිදුකෙරෙනුයේ ඉතා බරැති දැල් සාගර පතුළ දිගේ ඇදගෙන යාමයි. 1996 සාගර සහ ජලජ සම්පත්  පනත සහ ඒ යටතේ වන රෙගුලාසි මඟින් මේ සඳහා විශේෂ බලපත්‍ර ලබා ගැනීමට නීතියෙන් අවසර ලබා දී තිබේ.

   වසර 2016 පෙබරවාරි මස 10 වන දින දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පනත් කෙටුම් පතක් මඟින් යන්ත්‍රානුසාරයෙන් ගැඹුරු මුහුදේ මසුන් මැරීම මුළුමනින්ම තහනම් කළ යුතු බවට වන යෝජනාවක් සභාගත කර තිබේ. ඒ අනුවමෙහිදී සලකා බැලෙන්නේ මෙරට පාර්ලිමේන්තුව, යන්ත්‍රානුසාරයෙන් ගැඹුරු මුහුදේ මසුන් මැරීම තහනම් කළ යුත්තේ ඇයිද යන්නට පිළිතුරු සපයන හේතු පහකි.

 

1.       මෙම දැල් ආම්පන්න ක්‍රමය පරිසරය විනාශ කිරීමට හේතු වීම.

ලෝක වන ජීවී අරමුදල පෙන්වා දෙන අන්දමට මෙම දැල් ආම්පන්න ක්‍රමය භාවිත කිරීම තුළ කිසිදාක ප්‍රතිසංස්කරණය කළ නොහැකි ආකාරයෙන් ම සමුද්‍ර ජීවය විනාශයට ලක් වීමක් සිදු වේ. එසේම පරිසර පද්දති බිඳ වැටීම හේතුවෙන් වඳවී යන සතුන් මෙන්ම ඉතා කලාතුරකින් හමුවන කොරල් පර ද විනාශයට ලක් වීම මෙ මඟින් සිදුවන්නකි.

 

2.       මෙම ක්‍රමය ඉතා විනාශ කාරී මසුන් මැරීමේ ක්‍රමයක් වීම.

සාගර ආරක්ෂණ ආයතනය දක්වන ආකාරයට මෙමඟින් සියයට අනූවක්ම අල්ලාගන්නා මසුන් අපතේ යාමක් සිදුවේ.  ඒ අනුව මෙම ක්‍රමය තහනම් කිරීම හරහා මෙරටට ඍජුවම ආර්ථික වාසි අත් වන අතර රටේ ආර්ථිකය මෙන්ම තිරසාර මත්ස්‍ය කර්මාන්තය යන දෙ අංශයටම දීර්ඝ කාලීන වාසි ගෙන දෙන්නකි.

 

3.       එය මෙරට ධීවරයන් ගේ ජීවනෝපායට හානිකර වීම.

සතිපතා ඉන්දීය ධීවර බෝට්ටු දහස් ගනණක් මෙරට මුහුදේ යන්ත්‍රානුසාරයෙන් මසුන් මරණ අතර ඔවුන් ශ්‍රීලාංකික ධීවරයන් එම සාගර ප්‍රදේශයට පැමිණීම වළක්වාලමින් ඔවුන් ගේ ජීවනෝපායට බාධා පමුණුවයිඑමෙන්ම මෙම ඉන්දීය ධීවරයන් මෙරට මත්ස්‍ය අස්වැන්නෙන් විශාල ප්‍රමාණයක් රැගෙන යන අතර මෙරට ධීවරයන්ට ඉතිරි වන්නේ ඉතා සුළු ප්‍රමාණයකි.

 

4මෙය තානාපති සබඳතා වලට අහිතකර ලෙස බලපෑම් කිරීම.

 දේශ සීමාව උල්ලංඝනය කිරීමේ වරද මත ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට ගැනීම මෙරට රජය විසින් සිදු කරන අතර එහිදී ඉන්දීය ධීවරයන් පවසන්නේ තමන්ට ශ්‍රීලාංකීය සාගර කලාපය තුළ මසුන් මැරීමේ සාම්ප්‍රදායික අයිතිවාසිකමක් පවතින බවයි.  මෙය ශ්‍රීලංකාව සහ ඉන්දියාව අතර තානාපති සබදතා කෙරෙහි අහිතකර බලපෑම් කරන්නකි. කෙසේ නමුදු යන්ත්‍රානුසාරයෙන් මුහුදු පතුලේ මසුන් මැරීම යනු සාම්ප්‍රදායික මසුන් ඇල්ලීමේ ක්‍රමවේදයක් නොවේ. එබැවින් එය මුළුමනින්ම තහනම් කිරීම හරහා භාවිත කරන්නා කවරෙක්ද යන්න සොයා බැලීමෙන් තොරව භාවිතය පිළිබඳව පමණක් සොයා බැලිය හැකිය. එය ඉතාම සාධාරන ක්‍රමයකි. ඉන්දීය ධීවර බෝට්ටු පමණක් නොව ශ්‍රීලාංක ධීවර බෝට්ටු  සඳහාද එම තහනම එකලෙස අදාළ වීම මීට හේතුවයි.

 

5. අපට ඉතිහාසයක් නිර්මාණය කිරීමට ලැබෙන අවස්ථාව.

වසර 2015දී ලොව ප්‍රථම වතාවට චිලී රාජ්‍ය තම සමස්න සාගර කඳු ආශ්‍රිත ප්‍රදේශය යන්ත්‍රානුසාරයෙන් මසුන් මැරීමට මුළුමනින්ම තහනම් කරන අතර  ඉන්දුනීසියාවනවසීලන්තය, බෙලීස්, ඇමරිකා එක්සත් ජනපදය යන රටවල්ද යන්ත්‍රානුසාරයෙන් මසුන් මැරීම සඳහා යම් යම් සීමාවන් පැනවීමට කටයුතු යොදා තිබේමීට සමාන්තරව ඉන්ඩියාවේ තමිල්නාඩුව කේරලය ඇතුලු ප්‍රාන්ත රාජ්‍ය විසින් ද මත්ස්‍ය සම්පතට සිදුවන හානිය අවම කිරීමේ අපේක්ෂාවෙන් වාර්ෂික මසුන් මැරීමේ සීමාවන් පනවා තිබේ. යම් හෙයකින් ශ්‍රීලංකාවද යන්ත්‍රානුසාරයෙන් ගැඹුරු මුහුදේ මසුන් මැරීම තහනම් කරන නීතිය බලාත්මක කරන්නේ නම්, ආසියාව තුළ මෙය මුළුමනින්ම තහනම් කළ ප්‍රථම රට බවට පත් වීමට හැකි වේඑය පරිසර ආරක්ෂණය පිළිබද ලෝක නායකයෙකු ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට හේතු වන අතර තිරසාර මත්ස්‍ය කර්මාන්තය කෙරෙහි ශ්‍රීලංකාවේ ඇති කැපවීම තව දුරටත් නිරූප‍ණය කරන්නකි.

 

    උක්ත හේතු පදනම් කර ගනිමින් සහ අපගේ පරිසරය, අපගේ ආර්ථිකය, දේශීය ධීවරයන්, විදේශීය සබඳතා මෙන්ම ශ්‍රී ලංකාව ඉතිහාසය තුළ සලකුනු කිරීම උදෙසා ද යන්ත්‍රානුසාරයෙන් සාගර පතුලේ මසුන් ඇල්ලීම  තහනම් කෙරෙන පනත් කෙටුම්පත නීතිගත කිරීම පාරලිමේන්තුව විසින් අවශ්‍යෙන්ම සිදු කළ යුත්තකි.