නූතන ප්රජාතන්ත්රවාදී ආණ්ඩුක්රමයක පාර්ලිමේන්තුවේ කාර්යය වනුයේ ජනතා අභිලාෂයන් මුදුන්පත්වන පරිදි ප්‍රතිපත්ති සම්පාදනය කිරීමයි. එසේ වුවද රටෙහි දේශපාලන ගමන්මග ප්රබලව වෙනස් කෙරෙන හෝ, ජන ජීවිතයට බෙහෙවින්ම බලපාන ආකාරයේ තීන්දුවක් ගැනීමට අවශ්‍යව ඇති විටක ඒ සඳහා මහජනතාව ඍජුවම සහභාගීකර ගැනීම පාර්ලිමේන්තු ක්‍රමය ශක්තිමත් රටවල පවා දක්නට ලැබෙන්නකි. ජනමත විචාරණය පෙන්වාදිය හැක්කේ එම ක්‍රියාවලිය සඳහා උපයෝගීවන ප්‍රධානතම මෙවලමක් වශයෙනි.
මෙම ලිපිය ශ්‍රී ලංකාවේ ජනමත විචාරණය ක්‍රියාත්මකවන අයුරු විමසා බලයි
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම කළ හඳුන්වාදීමක්
මෙරට ජනමත විඡාරණයක් කැඳවීමේ බලය ජනාධිපතිවරයා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම ලබා දී ඇත.
ජනරජයේ ස්වාධීනත්වය, ඒකීයභාවය, ජනතා පරමාධිපත්‍යය, ජාතික කොඩිය, ජාතික ගීය, ජාතික දිනය මෙන්ම බුද්ධ ධර්මය සුරක්ෂාකිරීම යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය ප්රතිපාදනයන් ද, මූලික අයිතිවාසිකම් ලෙස පිළිගැනෙන සිතීමේ නිදහස, හෘදය සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහස මෙන්ම වදහිංසාවෙන් මිදීමේ නිදහස යන වගන්ති මෙන්ම ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ ධුර කාලය දක්වාලන වගන්ති ද, සංශෝධනය කිරීම අනිවාර්ය ජනමත විචාරණයට විෂය වේ. තව ද, ජනාධිපතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට යම් පනත් කෙටුම්පතක් හෝ ජාතික වැදගත්කමක් ඇති කරුණක් ජනමත විචාරණයකට යොමු කළ හැකි ය.
යම් කරුණක් ජනමත විචාරණයකට යොමු කිරීමට ප්‍රථම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් අනුමත වීම අනිවාර්යතාවයකි.
ජනමත විචාරණයක් ජයග්‍රහණය කිරීම සඳහා
· ලියාපදිංචි මුළු ඡන්දදායකයන්ගෙන් 50% ඉක්මවූ බහුතරයක අනුමැතිය ලැබිය යුතුය. නැතිනම්
· ලියාපදිංචි සමස්ථ ඡන්ද දායකයන්ගෙන් 2/3ට අඩුවෙන් ඡන්දය භාවිත කර ඇත්නම් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් 1/3 අනුමැතිය ලැබිය යුතුය.
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් පසුව ජනමත විචාරණයට යොමු කළ කරුණ ජනතාවගෙන් බහුතරය හිමිවීමෙන් නීතිගත වේ.
යටගියාවක මතකය
වසර 2001දී “ජාතික වැදගත්කමක් හා අවශ්‍යතාවක් ඇති කරුණක් වශයෙන් ශ්‍රී ලංකාවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යවේද? නොවේ ද?”යන්න විමසීමට ජනමත විචාරණයක් සැලසුම් කළ නමුත් පසුව අවලංගු කිරීම හේතුවෙන් 1982 දෙසැම්බර් මස 22 මෙරට පවත්වන ලද ජනමත විචාරණය ප්‍රථම සහ එකම ජනමත විචාරණය විය. එහි දී ජනතාවගෙන් විමසනු ලැබුවේ නව මැතිවරණයක් පැවැත්වීමෙන් තොරව පාර්ලිමේන්තුවේ දූර කාලය තවත් වසර 6කින් දීර්ග කිරීම යෝග්‍ය වේ ද? යෝග්‍ය නොවේ ද? යන්නයි. “ලාම්පු කලගෙඩි සෙල්ලම” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ මෙම මැතිවරණයේ දී යෝජනාවට පක්ෂව වලංගු ඡන්ද අතුරින් 54.66% හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද ප්‍රතිශතය 45.32% විය.
ඒ අනුව, ශ්‍රී ලංකාවේ පුරවැසියන් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරන බලධාරියා ලෙස පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වන නමුත් තීරනාත්මක අවස්තාවන්හී දී එහි කටයුතු සඳහා ඍජුවම ජනතාව සහභාගී කරවීමට ප්‍රජාතන්ත්‍රික මෙවලමක් ලෙස ජනමත විචාරණය උපයෝගී කරගනී.