බලශක්ති අමාත්ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂයෙන් ඉදිරිපත් කර තිබූ විශ්වාසභංග යෝජනාව අද පරාජයට පත්වුනේ, යෝජනාවට පක්ෂව ඡන්ද 61කුත්, විපක්ෂව ඡන්ද 152ක අති බහුතරයකුත් ලබාගනිමින්.
මෙම විශ්වාසභංගයත් එක්ක, ශී්ර ලංකා පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවල පසුබිම සහ ඉතිහාසය ගැන මදක් සොයාබලන්නට අපි හිතුවා.
ආණ්ඩුවක් හෝ අමාත්යවරයෙකු තම වගකීම්වලට පටහැනිව ක්රියා කරන විටක, එය නතර කිරීමට අනුගමනය කළ හැකි ප්රජාතන්ත්රවාදී ක්රමවේදයක් ලෙස විශ්වාසභංග යෝජනා ගෙන ඒම පෙන්වා දෙන්නට පුලුවන්. මෙහිදී සිදු කෙරෙන්නේ ආණ්ඩුවට හෝ අමාත්යවරයෙකුට එරෙහි චෝදනා පත්රයක් පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් සම්මත කිරීමට කටයුතු යෙදීමයි. යෝජනාව ජයග්රහණය කළහොත් අමාත්යවරයා හෝ සමස්ථ කැබිනට් මණ්ඩලයම තනතුරුවලින් ඉල්ලා අස්වීම වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු සම්ප්රදාය වෙනවා.
නෛතික පසුබිම
මෙය ආණ්ඩුක්රම ව්යවස්ථාව සහ පාර්ලිමේන්තුවේ කාර්යය පටිපාටිය දක්වාලන රීති මාලාව වන ස්ථාවර නියෝග ඇසුරෙන් මූලිකව හඳුනාගන්නට පුලුවන්. ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 43 වගන්තිය ප්රකාරව අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්වන අතර ඔවුන් පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට බැඳී සිටිනවා. අමාත්ය මණ්ඩලය වගකීම් පැහැර හරින්නේ නම්, 49 වගන්තිය අනුව පාර්ලිමේන්තුවේ බහුතරයෙන් සම්මත කෙරෙන විස්වාසභංග යෝජනාවකින් පවතින රජය පරාජය කළ හැකියි. එවිට කැබිනට් මණ්ඩලය කළ යුත්තේ තනතුරු වලින් ඉල්ලා අස්වීමයි.
මෙහි කාර්යය පටිපාටිය වෙස්ට්මිනිස්ටර් සම්ප්රදායන් සහ මෙරට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මඟින් පාලනය වෙනවා. ස්ථාවර නියෝග 23 සහ 24 ප්රකාරව අදාළ යෝජනාව මන්ත්රීන්ගේ අත්සනින් කතානායකවරයා වෙත යොමු කරන විට එය රීති විරෝධී නොවන්නේ නම් පාර්ලිමේන්තුවේ න්යාය පුස්තකයට ඇතුලත් කෙරෙනවා. අනතුරුව ඔහු විසින් පක්ෂ නායක රැස්වීමේදී දින නියම කිරීමකින් පසුව යෝජනාව විවාද කොට ඡන්දය විමසීම සිදුවෙනවා.
ඉතිහාසය
ශ්රී ලංකාවේ පාර්ලිමේන්තුවට පළමුවෙන්ම විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ බවට සදහන් වෙන්නේ 1949 සැප්තැම්බර් මස 20 වැනිදා. ඒ, එවක පැවති රජයට විරුද්ධවයි. යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණත්, එය පරාජයට පත්ව තිබෙනවා.
ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවල ඉතිහාසය සළකනකොට, අමාත්යවරුන්ට, කතානායකවරුන්ට පමණක් නොවෙයි, අගමැතිවරුන්ට පවා විශ්වාසභංග යෝජනා ඉදිරිපත්ව තිබෙන බව පෙනෙන්නට තිබෙන දෙයක්. ඒ අනුව, ශ්රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්රථම වතාවට අගමැතිවරයෙක්ට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග යෝජනාවට මුහුණදී තිබෙන්නේ එස්.ඩබ්ලියු.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා. එම යෝජනාව පරාජයට පත්ව තිබෙනවා. විශේෂත්වය වන්නේ එය පරාජයට පත්ව තිබෙන්නේ ඡන්ද 1කින් වීම!.
මේ ආකාරයට පසුව අගමැතිධූරයට පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට එරෙහිවත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. එයත් පරාජය වූ ගණයට වැටෙන විශ්වාසභංග යෝජනාවක්.
මෑත සමයේ අගමැතිවරයෙක්ට එරෙහිව ඉදිරිපත්වූ විශ්වාසභංග යෝජනාවකට මුහුණදුන් අයෙක් වන්නේ හිටපු අගමැති රනිල් වික්රමසිංහ මහතා. එම විශ්වාසභංග යෝජනාවත් පරාජයට පත්වුනා.
ඒ වගේම, මෑත ඉතිහාසය සළකන විට, ජී.එල්.පීරිස්, රවී කරුණානායක, මංගල සමරවීර වගේ පැවති රජයන්වල හිටපු අමාත්යවරුන්ටත් විශ්වාසභංග යෝජනා ඉදිරිපත්ව තිබෙනවා. ඒ සියල්ලත් පරාජයට පත්ව තිබෙනවා.
රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්වන අවස්ථාවක, එය සෑම අවස්ථාවකම වගේ පරාජයට පත්ව තිබෙනවාය යන්න ඉතිහාසය අධ්යනය කිරීමේ දී, පැහැදිලි වන දෙයක්.
2018 වසරේ එතෙක් හිටපු අගමැති රනිල් වික්රමසිංහ ඉවත් කර, ඒ් වෙනුවට නව අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතාව පත් කිරීමට හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා කටයුතු කළ අවස්ථාවෙත්, නව අගමැති රාජපක්ෂට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන්නට විපක්ෂය කටයුතු කළා. එය සම්මත වූ බව විපක්ෂය වගේම කතානායකවරයා පවසා සිටියත්, බලයට පත්ව සිටි නව රජය එය පිළිගත්තේ නැහැ. පසුව අගමැති මහින්ද රාජපක්ෂම ඔහුගේ ධූරයෙන් ඉල්ලා අස්වුනා.
මීට අමතරව, කතානායකවරුන්ටත් විශ්වාසභංග යෝජනා ඉදිරිපත් වූ අවස්ථා ඉතිහාසයේ තිබෙනවා. නමුත් ඒ එක් යෝජනාවක්වත් සම්මත වී නැහැ.
විපක්ෂ නායකවරයෙක්ට එරෙහිවත් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා. ඒ, 1981 වසරේ දී. එම යෝජනාව සම්මතවීම නිසා එවක විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළ අමිර්තලිංගම් මහතාට ඔහුගේ ධූරය අහිමිව තිබෙනවා.